Skip to main content

Drugs


ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවොත්, ඔයාව හදුන්වල දෙන්න, ඔයා මට ඔයාට කියන නමක් දෙකක් කියාවි. ඔයාගේ උප්පැන්න සහතිකයේ ඔයාට දාලා තියෙන නම වාසගම් එක්කම නම් පහක හයක වත් එකතුවක් වේවි. ඊටත් අමතරව ගෙදර අය කියන නම්, යාළුවෝ ඔයාට කියන්න නම්, ඔයා දන්න වත් නැති අය ඔයාට දාල තියෙන්නෙ නම් පවා ඇති. ඒ මොන නමකින් හරි හඳුන්වන දෙන්නේ ඔයාව, ඒකට පෙනී හිටින්නෙත් ඔයාමයි.

අද දැන අඳුන ගන්න යන්නෙත් එක නමක් නැති කෙනෙක්, වර්ගයක්. ඉතින් මං මෙතන කොච්චර නම් සදහන් කලත්, කෙනා මොන වගේද කියල කිව්වත්, හරියටම අඳුන්වලා දෙන්න බැරි Synthetic Drugs (කෘතිම මත් ද්‍රව්‍ය) තමයි ඒ.

මේ වෙනකල් කතා කෙරුණේ ස්වභාවධර්මයෙන් දායාද වෙච්ච, ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හැදිච්ච Drugs ගැනයි. අබිං, කංසා, ඇල්කොහොල් අඩංගු සමහර බීම වර්ග, හෙරොයින්, කොකේන්, මේ හැමදේකම ස්වභාවික අමුද්‍රව්‍යයක් අඩංගු වෙලා තිබුණා. (මේ ගැන නැවත කියවන්න අවශ්‍යනම් ඊට අදාල සබැඳි ලිපිය අවසානයේ දක්වා ඇත) මේවා භාවිතා වෙන්න ගත්තේ, ක්‍රිස්තු පූර්ව කියලා කියන දින දර්ශන වත් නැති, ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයේ හිටපු මිතුන් මිත්තන් ගේ කාලයේ ඉදලයි.

ඒත් අනිත් හැම දෙයක්ම වගේ කාලෙත් එක්ක අලුත් වුන, පර්යේෂණාගාර වල අත්හදා බැලීම් වලින් ඉපදිච්ච ඩ්‍රග්ස් තමයි මේ ස්වභාවික නොවන Synthetic Drugs. දැනටමත් LSD, Ecstasy, Meth මේ නම්; මේ ගැන ඔබ කොහෙන් හෝ අහල ඇති. මේ ගැන තව දැනගන්න දිගටම 'ඉතින්..,' බදාදා අතිරේකය කියවන්න. හැබැයි ඊට අමතරව Synthetic Drugs වලට අයිති වෙන එක නමක් නැති, මත් ද්‍රව්‍ය ලෝලීන් අතර භාවිතා වෙන ගොඩක් කෘතිම Drugs වලට කියන්නේ Designer Drugs කියලා.

Designer drugs හැදෙන්නේ, නිර්මාණය වෙන්නේ, නීතියේ බලපෑම මත. ඒ 2000න් පස්සේ තරම් මෑත කාලයේ දී. කොහොමටත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්. මේ ගැන කටයුතු කරන ආයතන රෑට රෑට පාර අයිනේ බැලුම් පුම්බන්න කියනවා වගේම, හොයා ගන්න කුඩු වර්ග වල අන්තර්ගතය මොනවද කියලත් පර්යේෂණ කරලා බලනවා. මේ නිසාම අත්අඩංගුවට පත් නොවෙන්න,  පර්යේෂණවලදී මත්ද්‍රව්‍ය කියලා ඔප්පු කරන්න බැරි වෙන්න හදාගත්ත මත් ද්‍රව්‍ය තමයි Designer Drugs කියලා කියන්නේ. මේවා ළඟ තියාගත්තට අමාරුවේ වැටෙන්නේ නෑ, ඒත් පාවිච්චි කළොත් අමාරුවේ වැටෙන්න පුළුවන්. මොකද එක එක වර්ග වල Drugs පාවිච්චි කරන කෙනාගේ අතට එනකොට හැදුවේ කවුද, කොහේදිද, කොහොමද, කියලා දැනගන්න විදිහක් නෑ. ගොඩක් Designer Drugs නිර්මාණය වෙන්නෙත් Drug එකක් වෙන අරමුණෙන් නෙවෙයි. බෙහෙත් හදන්න කරපු අසාර්ථක පර්යේෂණ ප්‍රතිඵලයක්, දැනටමත් පාවිච්චි වෙන ඩ්‍රග්ස් වලට තව දේවල් කළවම් කරලා හදාගන්න ඩ්‍රග්ස් පවා Designer Drugs විදිහට පස්සේ හැඳින්වෙනවා.

කෘතිමව හදලා විකුණන, බෙදාගන්න, Designer Drugs මිලෙන් අඩුයි, බාලයි, අවදානම වැඩියි. මේ සඳහා ඉදිරිපෙළ නිෂ්පාදකයෝ වෙන්නේ චීනය. ලොකුම ගැටලුව කොහොමටත් භාවිතා කරනකොට මොනවද තියෙන්නෙ කියලා හොයල බලන්න විදිහක් නැති කම. මේවා වෙළඳපලේ හුවමාරු වෙන්නෙත්, වෙනත් දේවල් විදිහට. උදාහරණයකට ශාකසාර වලින් හදන පානයක් විදිහට තිබුනත් මේක ඇත්තටම මත්ද්‍රව්‍යක්. එතකොට අතුරු ආබාධයකට වුනත් ප්‍රතිකාර කරන එක ලේසි නෑ.
තව මේ මත් ද්‍රව්‍යයෙන් ලැබෙන අත්දැකීම කොහොම වෙයිද කියල කලින් පොරොන්දු වෙන්න බෑ.

මේ කෘතිම මත් ද්‍රව්‍ය වලට පුළුවන් ඇත්ත ලෝකයේ පවතින්නේ නැති මායාකාරීමය මනෝ ස්වභාවයක් නිර්මාණය කරන්න. ඒකෙන් අවුල් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. විශාදය, කනස්සල්ල, පසුතැවිලි වීම, බය, පාලනය කරගන්න බැරි හැසිරීම්, සැකය, සිහිය නැතිවීම, ඔලුවේ කැක්කුම වකුගඩුවලට වෙන හානි වගේ දේවල් නිසා, සියදිවි හානි කරගන්න පවා බලපානවා. සමහර අත්දැකීම් අමතක කරන්නත් අමාරුයි. මේක තව මොළයට බලපාන විදිහ ගැන කතා කළොත් පොඩි පොඩි දේවල් අමතක වීමේ ඉදලා වල මරණය දක්වා බලපෑම් කරන්න පුළුවන්.
කෙසේ වෙතත් අඳුන ගමු ප්‍රධාන Synthetics වර්ග දෙකක්.

| ස්පයිස් spice
 වෙනත් නම් : කෘතිම මරිජුවානා , K2 , Scooby snacks , Zen , Lava

spice කියන්නේ කෘතිම කංසා වලට. නමින් පෙනුමෙන් සමාන වුනත්, මේක ඇත්තටම එක එක කොළ ජාති වේලලා එකතු කරගෙන ඒකට Chemical Spray කරලා තමයි ගන්නේ. High Feelings දැනෙන, මොළයට Signals ගෙනියන, THC (Tetra Hydro Cannabinoid) කෘතිමව හදන මේ Chemical එකේ අඩංගු වෙනවා. නමුත් මේ spice වල සැර ස්වාභාවික කංසා වලට වඩා 100 - 800 ගුණයක් දක්වා වැඩි යි.

2012 වෙනකොට Spice වල අඩංගු සෑම රසායන ද්‍රව්‍යයක් ම හඳුනාගෙන තිබුණ නිසා නීතියෙන් තහනම් කරලයි තිබුණේ. CP47/497, HU-210, JWH-018 කියන ජාති මේකේ අඩංගු ප්‍රධානව රසායන ද්‍රව්‍යය වුණා. නමුත් ඒ තත්වයනුත් මඟ හරිමින්, තවත් පර්යේෂණ කරමින් ඒ වෙනුවට අලුත් Drugs තවමත් හොයාගන්නවා.

| Bath salts
වෙනත් නම් : Cloud 9, Dynamite, hurricane Charlie, Speed Freak miracle, Zoom, White China

Bath Salt විදියට හැඳින්වෙන්නේ මේක විකිණෙන්නේ පිරිසිදු කාරකයක් විදියට නිසා. නමුත් තව නම් ගොඩකින් හැඳින්වෙන ගොඩක් ජාති මේ වර්ගයට අයිති වෙනවා. සුදු, අවපාට සුදු, කහ, දුඹුරු පාට වලින් කුඩු, කැප්ස්‍යුල්ස්, ටැබ්ලට්, දියර විදිහට තමයි මේක පවතින්නේ. අනිත් Drugs ගන්න විදිහටම පාවිච්චි කරනවාට අමතරව සිගරට් කොලේක ඔතලා ගිලින ක්‍රමයකුත් තියෙනවා.
Khat පැළයෙන් හදාගන්නවාට සමාන Drug එක රසායන ද්‍රව්‍යවලින් තමයි හදලා තියෙන්නේ. මේකේ ප්‍රධානවම  අඩංගු MDPV_3, 4 Methylenedioxypyrovalerone, අයිස් වලටත් වඩා ඇබ්බැහි කරවන සුළුයි. කෘතිමව සමනය කරන්නත් පුළුවන් උනාට LSD වල වගේ Hallucinations මායාවන් මවලා දෙනවා. සාමාන්‍යයෙන් පැය හයක්, අටක් වැදිලා තියෙනවා. හැබැයි ඊට පස්සේ විශාදය හැදෙන්න ඉඩ වැඩියි. මේ Drug එක මුලින්ම හොයාගත්තේ 1928 දී ප්‍රංශයේ දී අසාර්ථක වුණ බෙහෙතක් විදිහට. මත් වෙන්න කියලා පාවිච්චියට ගත්තේ 1930 - 40දශකවල දී සෝවියට් රුසියාවේ සොල්දාදුවන්. 1980 දශකයේ Cat, Jeff විදිහට ඇමරිකාවේ ප්‍රසිද්ධ වුණා. 2008 දී ඊශ්‍රායලයේ තමයි මේවා මුලින්ම නීතියෙන් තහනම් කෙරුණේ. නමුත් ඒ වන විටත් අන්තර්ජාලය හරහා මේවට හොඳ අලෙවියක් තිබුණා. Ecstasy, LSD නමින් Bathsalts ඉහළ මිලකට විකිණෙන අවස්ථාත්, මේවට රැවටෙන අවස්ථාත් බොහොමයක් තියෙනවා.

The Truth About Drugs ලිපි පෙල තවත් ඉදිරියට විහිදෙද්දි කියන්න  බොහෝ දේවල් අපට තියේවි. කතා කරන්න, දැන ගන්න, හිතලා බලන්න, නැවතුනු තැන් වලින් නැඟිටලා යන්න පාරවල් හොයලා දෙන්න අපිට පිලිවන් වේවි. ඉතින් මේ සේරටම වැදගත් වෙන අදහස් කමෙන්ට් කරන්න. තවත් අයට දැන ගන්න ශෙයා කරන්න.

| මෙලී සන්තියාගෝ






Comments

Popular posts from this blog

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ. 1. ග්‍රීන් ටී ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ. 2. නිවිති නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ ...

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද ?

ඔයාලගෙන් කවුරුහරි කෙනෙක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මටත් මේ විස්තර දැනගන්න ලොකු අවශ්යතාවයක් පහුගිය ටිකේ තිබුණ නිසා සහ, සාමාන්‍යෙන් හරියටම මේ තොරතුරු දැනගන්න ටිකක් අමාරු නිසා. මම මේ සඳහන් කරන්නෙ මගෙ අත්දැකීමට අනුව විස්තර ටික. ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය Application ටික හොයාගන්න ඕනෙ. ඔයා ඉන්නෙ බස්නාහිර පළාතෙ නම්, පහල තියන link එකෙන් Download කරගන්න පුළුවන්. එහෙම නැත්තන්, ඔයාට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් මේ Application එක ගන්නත් පුළුවන්. ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් ගන්න Application එක එක්කම, මේ වැඩේට අවශ්‍ය ලියකියවිලි සහ තව විස්තර ඇතුළත් පත්‍රිකාවකුත් දෙනවා. ඒක වෙබ්සයිට් එකේ නම් ගන්න තියෙනවා දැක්කෙ නෑ. අපි ලියාපදි‍ංචි කරන්න යන ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි විසින් ඉදිරිපත් කරන්න ඕනෙ ලියකියවිලි වෙනස් වෙනවා. මේ ගැන දෙන විස්තර පත්‍රිකාව මම පළවෙනි comment එකේ දාන්නම්. හැබැයි සාමාන්‍ය ව්යාපාරයකට නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික. 1) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය. (මේක නම් ඔයාටම ...

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන්...