ඔයාලගෙන් කවුරුහරි කෙනෙක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මටත් මේ විස්තර දැනගන්න ලොකු අවශ්යතාවයක් පහුගිය ටිකේ තිබුණ නිසා සහ, සාමාන්‍යෙන් හරියටම මේ තොරතුරු දැනගන්න ටිකක් අමාරු නිසා. මම මේ සඳහන් කරන්නෙ මගෙ අත්දැකීමට අනුව විස්තර ටික.
ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය Application ටික හොයාගන්න ඕනෙ.
ඔයා ඉන්නෙ බස්නාහිර පළාතෙ නම්, පහල තියන link එකෙන් Download කරගන්න පුළුවන්.
එහෙම නැත්තන්, ඔයාට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් මේ Application එක ගන්නත් පුළුවන්.
ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් ගන්න Application එක එක්කම, මේ වැඩේට අවශ්‍ය ලියකියවිලි සහ තව විස්තර ඇතුළත් පත්‍රිකාවකුත් දෙනවා. ඒක වෙබ්සයිට් එකේ නම් ගන්න තියෙනවා දැක්කෙ නෑ.
අපි ලියාපදිංචි කරන්න යන ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි විසින් ඉදිරිපත් කරන්න ඕනෙ ලියකියවිලි වෙනස් වෙනවා. මේ ගැන දෙන විස්තර පත්‍රිකාව මම පළවෙනි comment එකේ දාන්නම්. හැබැයි සාමාන්‍ය ව්යාපාරයකට නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික.
1) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය. (මේක නම් ඔයාටම තමයි පුරවන්න තියෙන්නෙ)
http://bnr.wp.gov.lk/sin/wp-content/uploads/2019/07/Thani-Pudgala.pdf
2) මේ ගැන ග්‍රාම නිළධාරී තුමා විසින් සහතික කරන ලද වාර්තාව.
http://bnr.wp.gov.lk/sin/wp-content/uploads/2019/07/Thani-Pudgala.pdf
3) ව්‍යාපාරය ලියාපදිංචි කරන ලිපිනයට අදාල අයිතිකරු තමන් නෙමේ නම්, ( මම දාපු Address එකේ අයිතිය අපේ තාත්තාට) අයිතිකරුගෙන් මේකට අකමැත්තක් නෑ කියලා ගත්ත ප්‍රකාශය ( මේක ග්‍රාම නිළධාරී තුමා සහතික කරන්න ඕනෙ එයා ඉදිරිපිට අයිතිකරු විසින් අත්සන් කලා කියලා. )
4) අදාල ඉඩමේ ඔප්පුවේ PhotoCopy එකක් ( මේකත් ග්‍රාම නිලධාරී තුමා සහතික කරන්න ඕනෙ )
5) ඔප්පුව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ PhotoCopy එකක් ( මේකත් ග්‍රාම නිලධාරී තුමා සහතික කරන්න ඕනෙ )
ඔප්පුව සහ ජාතික හැඳුනුම්පතේ photocopy ග්‍රමනිළධාරී තුමාගෙන් සහතික කරගන්න නම් එයාට අදාල ලියකියවිලි වල මුල් පිටපත ත් ඉදිරිපත් කරන්න ඕනෙ.
6) අපේ ව්‍යාපාරයට යොදපු ආරම්භක ප්‍රාග්ධනය ගැන හරියටම කීයද කියලා සාම විනිසුරු කෙනෙක් ගෙන් සහතික කරගත්ත දිවුරුම් ප්‍රකාශයක් ( රු 50/- ක මුද්දරයක් උඩ අත්සන් කරන්න ඕනෙ )
-----------------------------------------
ඔන්න ඒ ටික හරි
ඊලඟට යන්න ඕනෙ ප්‍රාදේශීය සභාවට. ( ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට නෙමේ! )
එතනට ලියකියවිලි ටික දුන්නම ඒක බලලා පොඩි බිල් කෑල්ලක් ගෙවන්න දෙනවා. රු.1200/- ක් වගේ යන්නෙ.
7) ඒ බිලට අදාල රිසිට් එකත ගන්න.
-----------------------------------------
දැන් යන්න ඕනෙ ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට.
එතනට මේ ලියකියවිලි ටික ඉදිරිපත් කලාම මේ ටික ඔක්කොම හරිද කියලා බලලා
ඔව්! තව බිලක් ගෙවන්න දෙනවා. රු 500/- ක
ඒකත් ගෙවලා ඒ රිසිට් එක ආයෙ ගෙනත් දුන්නම. . .
...
....
......
........
..........
.............
ඔන්න වැඩේ හරි!
ආයෙ දවසකින් දෙකකින් එන්න කියනවා සහතිකය අරන් යන්න.
එතකොට ඔක්කොම වියදම 1750/-
මතක ඇතුව ව්‍යාපාරය ආරම්භ කරපු දිනය පරන අවුරුදු දාන්න එපා! දඩ ගෙවන්න වෙනවා
එහෙනම් හැමෝටම ජයවේවා!
මේක වැදගත් කියලා හිතෙන අය ඉන්නවනම් Share කරන්න. Credits ඕනේ නෑ! 😉

Comments
Post a Comment