Skip to main content

Posts

Showing posts from April, 2020

මුහුණු ආවරණය භාවිතය

IMPORTANT NOTICE!! පිළිගත් ෆාමසියකින් තොරව අතරමැදියන්ගෙන් මුහුණු ආවරණ (ෆෙස්මාස්ක්) මිලදිගැනීමෙන් වලකින්න!! 3 Ply (ස්තර 3) ශල්‍ය මුහුණු ආවරණ (Surgical Face Mask) යනු ස්තර තුනකින් සමන්විත, ඒ ඒ ස්ථරයට අදාළ විශේෂිත කාර්යයන් ඇති ශල්‍ය කටයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණ වර්ගයක් වේ. පිටත තට්ටුව ජලය, රුධිරය සහ ශරීර තරල විකර්ෂණය කළ හැකි හයිඩ්‍රොෆොබික් තට්ටුවක් වන අතර මැද පෙරහන් ස්තරය බැක්ටීරියා පෙරීම සඳහා නිර්මාණය කර ඇත. එය ජල බිංදු පෙරහන් කරන වඩාත් වැදගත් ස්ථරය යැයි කියනු ලබන අතර අවසාන වශයෙන් අභ්‍යන්තර හයිඩ්‍රොෆිලික් ස්ථරයකි ජලය, දහඩිය සහ කෙළ ගැසීම අවශෝෂණය කරගැනීම ඉන් සිදුකරයි. කොරෝනා, ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් ආසාදන වැලැක්වීම සඳහා 3-ප්ලයි ශල්‍ය මුබ ආවරණ හෝ N95 Respirator ස්වශන මාස්ක් වර්ගයන් පමණක් යොදාගනී එමෙන්ම නිවැරදි 3 ප්ලයි ශල්‍ය ෆේස් මාස්ක් වෛරස්, විෂබීජ සහ බැක්ටීරියා පැතිරීම අවම කිරීමට උපකාරී වේ. Done ශ්‍රී ලංකාවේ වෙලදපොලේ විකිනීමට තහනම් 2 Ply (ද්වීස්තර) ෆේස් මාස්ක් යනු සනීපාරක්ෂක මුහුණු ආවරණයක් වන අතර එය ඉතාම ලාභදායී වේ. එයට පෙරහන් තට්ටුවක් නොමැති බැවින් මෙම සනීපාරක්ෂක ...