ඉස්කෝලේ යන කාලෙට හිතෙන්නේ ඒක මොන කරුමයක්ද කියලා..? උදේම නැගිටලා, ගුරුවරු කියන විදියට වැඩ කරන එක, ඒ මදිවට ටියුෂන් ක්ලාස්... විභාග ලංවෙන කොට මොලේ කොලොප්පම් වෙනවා, ඇතුලේ හිරවෙච්ච ටික ආපහු එලියට අරගෙන ලියන්න ගියාම. ඇයි දෙයි හාමුදුරුවනේ වාරයක් උගන්නපුවා පැයෙන් දෙකෙන් ලියන එක එහෙම බලනකොට අපි මාරම වැඩ්ඩො. ඔය ඔක්කොමත් කොහොම හරි කරයි කියමුකෝ...., මතකද ඉස් ඉස්සරෝම පන්තියේ උන් ටික ඉස්සරහාට ගිහින් කතාවක් කවියක් කියපු එක..? එහෙම නැත්නම් සිංහල සමිතියේ හරි බෞද්ධ සමිතියේ හරි වෙන මොහොක හරි ස්ටේජ් එකට නැගලා කතාවක් පවත්වපු දිනය..? කකුල් ගැහෙන්න අරන්, තොල කට වේලිලා හීනියට මුත්‍රා බරක් හැදුනු හැටි...? ඒක ස්වාභාවිකයි මිත්‍රවරුණි, ඉස් ඉස්සෙල්ලා ඔහොම වෙනවා අපිට දැනෙන ස්ට්‍රෙස් එකත් එක්ක. කොහොම හරි ස්ටේජ් එකට නැගලා හරි ඉස්සරහට ගිහින් හරි වචනයක් දෙකක් තටම ගත්තාම වැඩේ ගොඩ. හැබැයි සමහරු ඉන්නවා එහෙම එන චාන්ස් එක මග හරින උන්. උන්දලා කරන්නේ වැඩේ කල් දාන එක. ඊළඟ පාර මම කියලා. එතකොට කොහොමද සනීපේ..? යන්තම් බේරුනා කියලා හිතුවාට ඒක තාවකාලික සැනසීමක්. ටික වෙලාවකින් පටන් ගන්නවා සංසාරික දුක වගේ ...