Skip to main content

Posts

Showing posts from September, 2019

චෙක් පත් භාවිතය

අපි හැමෝම දන්නවනේ චෙක්පත් ගණුදෙනු කරන්න නන් ජංගම ගිණුමක් ( current account ) තියෙන්න ඕනේ කියලා.ඉතින් ඒ ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕනේ වෙන එකක් නෑ කියලා හිතනවා.( ඒ ගැන මොනා හරි අවුලක් තියෙනවනන් comment එකකින් අහන්න ) මුහුණතේ සදහන් කර ඇති මුදල නියම කරන දිනකදි ,නියම කරන පුද්ගලයාට ( ආදායකයාට ) ගෙවන ලෙස බැංකුවට කරන විදානයක් එහෙමත් නැත්තන් අණකිරීමක් තමයි චෙක්පතකින් සිදු වෙන්නේ. ඉතින් මේ චෙක්පත නිවැරැදිව ලියන එක අපේ වගකීමක්.මොකද මතුපිටින් නිවැරැදි ලෙස නොපෙනෙන චෙක්පතකට ගෙවීම් කරන්න බැංකුවක් කටයුතු කරන්නේ නෑ.ඒ හින්දා අපේ අතපසු වීම් ගැන බැංකුව විසින් වගකීමක් දරන්නේත් නෑ. කොහොමද එතකොට අපි චෙක්පතක් නිවැරදිව බාවිතා කරන්නේ. - මැකීම් හෝ වෙනස් කිරීම් චෙක්පත තුල සිදුනොකර ඉන්න පුලුවන් තරම් වගබලාගන්න ඕනේ.එහෙම වැරදීමක් සිදු උනොත් අනිවාර්යයෙන්ම ඒ අසලින් අත්සනක් යෙදිය යුතු වෙනවා. - ගෙවිය යුතු මුදල අකුරෙන් හා ඉලක්කමෙන් පැහැදිලිව ලිවිය යුතුයි.අකුරෙන් ලියන තැන අවසානයට " පමණයි" කියලා ලියන්නත් අමතක කරන්න එපා. - චෙක්පතට ගෙවීම් කරන දිනය නිවැරැදිව සටහන් කරන්න ඕනේ.සාමාන්‍යයෙන් චෙක්පතක වලංගු කාලය...

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ. 1. ග්‍රීන් ටී ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ. 2. නිවිති නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ ...

Drugs

ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවොත්, ඔයාව හදුන්වල දෙන්න, ඔයා මට ඔයාට කියන නමක් දෙකක් කියාවි. ඔයාගේ උප්පැන්න සහතිකයේ ඔයාට දාලා තියෙන නම වාසගම් එක්කම නම් පහක හයක වත් එකතුවක් වේවි. ඊටත් අමතරව ගෙදර අය කියන නම්, යාළුවෝ ඔයාට කියන්න නම්, ඔයා දන්න වත් නැති අය ඔයාට දාල තියෙන්නෙ නම් පවා ඇති. ඒ මොන නමකින් හරි හඳුන්වන දෙන්නේ ඔයාව, ඒකට පෙනී හිටින්නෙත් ඔයාමයි. අද දැන අඳුන ගන්න යන්නෙත් එක නමක් නැති කෙනෙක්, වර්ගයක්. ඉතින් මං මෙතන කොච්චර නම් සදහන් කලත්, කෙනා මොන වගේද කියල කිව්වත්, හරියටම අඳුන්වලා දෙන්න බැරි Synthetic Drugs (කෘතිම මත් ද්‍රව්‍ය) තමයි ඒ. මේ වෙනකල් කතා කෙරුණේ ස්වභාවධර්මයෙන් දායාද වෙච්ච, ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හැදිච්ච Drugs ගැනයි. අබිං, කංසා, ඇල්කොහොල් අඩංගු සමහර බීම වර්ග, හෙරොයින්, කොකේන්, මේ හැමදේකම ස්වභාවික අමුද්‍රව්‍යයක් අඩංගු වෙලා තිබුණා. (මේ ගැන නැවත කියවන්න අවශ්‍යනම් ඊට අදාල සබැඳි ලිපිය අවසානයේ දක්වා ඇත) මේවා භාවිතා වෙන්න ගත්තේ, ක්‍රිස්තු පූර්ව කියලා කියන දින දර්ශන වත් නැති, ඉන්කාවරුන්ගේ ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයේ හිටපු මිතුන් මිත්තන් ගේ කාලයේ ඉදලයි. ඒත් අනිත් හැම දෙයක්ම වගේ ...