පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක් වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස් මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක් වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක් ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන්...