කෑම කියන්නේ මුලින්ම මිනිස් අවශ්‍යතාවක්. නොමැරී ජීවත් වෙන්න කෑම ඕන කියලා තේරුම් ගත්ත මානවයා පසුකාලීනව ඒ කෑම රස කරගන්න විවිධ ක්‍රම හොයාගත්තා. එතනින් එහාට අද වෙනකොට කෑම කියන්නේ කලාවක්. දිවේ රසාංකුර වලින් විතරක් නෙවෙයි පංචේන්ද්‍රියෙන්ම විඳින මේ කෑම, අද ලෝකයේ සාර්ථකම වෙළෙඳාම් වලින් එකක්. නිල් පාට බෝලේ උඩ ජීවත් වන විවිධ සංස්කෘතීන්ට අයත් මිනිස්සු කැමති රසයන් වෙනස් වගේම විවිධ මිනිස්සු ආහාර ගන්න රටාවන් වෙනස්. මේ වෙනස්කම් වලට හේතුව ඒ ඒ අය ගැන ගොඩක් රහස් හෙළිකරන බව ඔයා දැනගෙන හිටියද? බහුතරයක් යුරෝපීය රටවලට වඩා ආසියාතික රටවල ජීවත් වෙන අය අතර spicy food හරිම ජනප්‍රියයි. ඒ අතරිනුත් සමහර අය සැර රසයට අසාමාන්‍ය කැමැත්තක් පෙන්නුම් කරනවා. මේ වගේ අය ගැන විශ්ලේෂණ වල සඳහන් වෙන්නේ ටිකක් විතර භයානක පිරිසක් විදිහටයි. ඒකට හේතුව ඉක්මන් කේන්තිකාරයෝ වීම සහ ආවේගශීලීව තීරණ ගැනීම. නමුත් උදව් ඕන තැන් වලදි පැකිළෙන්නේ නැති, ඒ වගේම කෙලින් තීරණ වල එල්බ ඉන්න මේ අය සාපේක්ෂව විවෘත බවයි කියවෙන්නේ. ඇඹුල් රස සමහර අය තදින් ප්‍රතික්ෂේප කරද්දී, තවත් පිරිසක් හරිම ආසාවෙන් වැළඳගන්න එක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක්. ඔයත...