Skip to main content

කොලෙස්ටරෝල්



කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්.

කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ.

දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ.

1. ග්‍රීන් ටී

ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා.

ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ.

2. නිවිති

නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ රෝග වලට සුවය දෙන ඖෂධිය ගුණය අතින් ඉතා ඉහළ පලා වර්ගයක්. නිවිති වල අඩංගු නයිට්‍රික් ඔක්සයිඩ් ධමනි සංකෝචනය වීමට එරෙහිව ක්‍රියාකරන අතරම රුධිරය කැටි ගැසීම මේදය තැන්පත්වීම වළක්වමින් හෘදයාබාධ ඇති වීම අවම කරනවා.

නිවිති වල අඩංගු විටමින් A සහ C, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය මගින් අහිතකර කොලෙස්ටරෝල් ධමනි බිත්ති තුල තැන්පත් වීම වලක්වන බැවින්, ධමනි සිහින්වීමේ අවධානම අඩු කරනවා. නිවිති ව්‍යාංජනයක් ලෙස හෝ දිනපතා නිවිති කොළ හුමාලයෙන් තම්බා ආහාරයට එකතු කර ගන්න ඔයාට පුළුවන්.

3. සුදුළූණු

ස්වාභාවිකව හා අතුරු අබාධ නැතිව ධමනි පිරිසිදු කිරීමට උපකාරී වෙන වටිනා ඖෂධයක් තමයි සුදුළූණු. හෘද රෝග සහ රුධිර නාල අවහිර වීම වැළැක්වීමටත්, රුධිරයේ අඩංගු අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නත්, රුධිර නාල විශාල කිරීම, රුධිර සංසරණය වැඩි කිරීමටත් සුදුළූණු ඉතා වැදගත්.

දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක් දිනපතා මී පැණි සමඟ හිස් බඩට සුදුළූණු අහාරය හෝ ආහාර පිළියෙළ කිරීමේදී සුදුළූණු ආහාර වලට එකතු කර ගන්න අමතක නොකළ යුත්තක්.

4. අලිගැට පේර

අලිගැට පෙර කියන්නේ මේදය අඩංගු ආහාරයක් නිසා කොහොමද කොලෙස්ටරෝල් වලට හිතකර වෙන්නේ කියලා ඔයා හිතනවා ඇති. අලිගැටපේර වල අඩංගු වෙන්නේ හිතකර මේදය. ඒ වගේම රුධිර පීඩනය අවම කරන පොටෑසියම් සහ එහි අඩංගු අනෙකුත් වැදගත් පෝෂක, රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ධමනි අවහිරවීම වලක්වන හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරනවා.

5. සව්

රසවත් වගේම ඉතාමත් ගුණවත් ආහාරයක් තමයි සව් කියන්නේ. සව් වල ඔමේගා-3 මේද අම්ල, තන්තු, අඩංගු වන නිසා සව් හදවතට වඩාත් ගුණදායකයි. අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම සහ ධමනි පිරිසිදු කිරීමේ හැකියාව සව් වලට තියෙනවා.

-අන්තර්ජාලයෙන්-

Comments

Popular posts from this blog

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද ?

ඔයාලගෙන් කවුරුහරි කෙනෙක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මටත් මේ විස්තර දැනගන්න ලොකු අවශ්යතාවයක් පහුගිය ටිකේ තිබුණ නිසා සහ, සාමාන්‍යෙන් හරියටම මේ තොරතුරු දැනගන්න ටිකක් අමාරු නිසා. මම මේ සඳහන් කරන්නෙ මගෙ අත්දැකීමට අනුව විස්තර ටික. ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය Application ටික හොයාගන්න ඕනෙ. ඔයා ඉන්නෙ බස්නාහිර පළාතෙ නම්, පහල තියන link එකෙන් Download කරගන්න පුළුවන්. එහෙම නැත්තන්, ඔයාට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් මේ Application එක ගන්නත් පුළුවන්. ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් ගන්න Application එක එක්කම, මේ වැඩේට අවශ්‍ය ලියකියවිලි සහ තව විස්තර ඇතුළත් පත්‍රිකාවකුත් දෙනවා. ඒක වෙබ්සයිට් එකේ නම් ගන්න තියෙනවා දැක්කෙ නෑ. අපි ලියාපදි‍ංචි කරන්න යන ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි විසින් ඉදිරිපත් කරන්න ඕනෙ ලියකියවිලි වෙනස් වෙනවා. මේ ගැන දෙන විස්තර පත්‍රිකාව මම පළවෙනි comment එකේ දාන්නම්. හැබැයි සාමාන්‍ය ව්යාපාරයකට නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික. 1) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය. (මේක නම් ඔයාටම ...

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන්...