අපි හැමෝම දන්නවනේ චෙක්පත් ගණුදෙනු කරන්න නන් ජංගම ගිණුමක් ( current account ) තියෙන්න ඕනේ කියලා.ඉතින් ඒ ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕනේ වෙන එකක් නෑ කියලා හිතනවා.( ඒ ගැන මොනා හරි අවුලක් තියෙනවනන් comment එකකින් අහන්න )
මුහුණතේ සදහන් කර ඇති මුදල නියම කරන දිනකදි ,නියම කරන පුද්ගලයාට ( ආදායකයාට ) ගෙවන ලෙස බැංකුවට කරන විදානයක් එහෙමත් නැත්තන් අණකිරීමක් තමයි චෙක්පතකින් සිදු වෙන්නේ.
ඉතින් මේ චෙක්පත නිවැරැදිව ලියන එක අපේ වගකීමක්.මොකද මතුපිටින් නිවැරැදි ලෙස නොපෙනෙන චෙක්පතකට ගෙවීම් කරන්න බැංකුවක් කටයුතු කරන්නේ නෑ.ඒ හින්දා අපේ අතපසු වීම් ගැන බැංකුව විසින් වගකීමක් දරන්නේත් නෑ.
කොහොමද එතකොට අපි චෙක්පතක් නිවැරදිව බාවිතා කරන්නේ.
- මැකීම් හෝ වෙනස් කිරීම් චෙක්පත තුල සිදුනොකර ඉන්න පුලුවන් තරම් වගබලාගන්න ඕනේ.එහෙම වැරදීමක් සිදු උනොත් අනිවාර්යයෙන්ම ඒ අසලින් අත්සනක් යෙදිය යුතු වෙනවා.
- ගෙවිය යුතු මුදල අකුරෙන් හා ඉලක්කමෙන් පැහැදිලිව ලිවිය යුතුයි.අකුරෙන් ලියන තැන අවසානයට " පමණයි" කියලා ලියන්නත් අමතක කරන්න එපා.
- චෙක්පතට ගෙවීම් කරන දිනය නිවැරැදිව සටහන් කරන්න ඕනේ.සාමාන්‍යයෙන් චෙක්පතක වලංගු කාලය වෙන්නේ මේ දිනයේ සිට මාස 6ක් පමණයි.
- ඉතින් අපි අද ලියන චෙක්පතකට අනාගත දිනයක් දානවනන් , ඒකට අපි කියන්නේ මතුදාතම චෙක්පතක් කියලා.ඒ අදාල දිනය වෙනකන් අපිට මුදල් කර ගන්න හෝ තැම්පත් කරන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ.හැබැයි වෙනත් ගණුදෙනු කරන්න බාධාවක් නෑ.
- මුදල් ලැබිය යුතු පුද්ගලයාගේ නම නිවැරැදිව සටහන් කරන්න ඕනේ.නමුත් එම තීරුවේ " මුදල් " ලෙසද සටහන් කරන්න පුලුවන්.එහෙම වෙලාවක මේ චෙක්පත ඕනෙම කෙනෙකුට මුදල් කර ගැනීමේ හැකියාව තියෙනවා.
- ගිණුම් හිමියා චෙක්පතෙහි අත්සන් කල යුතුයි.එම අත්සන බැංකුවට ලබා දුන් අත්සනම විය යුතුයි.
- එමෙන්ම චෙක්පතක ආරක්ෂාව සදහා චෙක්පත් රේඛනය ( cross ) කිරීම සිදු කල හැක.**
- චෙක්පතක් තැම්පත් කිරීමේදී චෙක්පත් අංකය ලෙස සටහන් කල යුත්තේ චෙක්පතෙහි වම්පස පහලින්ම ඇති අංක පේලියේ මුල්ම අංක 6 යි.ඊලගට ඇති අංක 4 බැංකුවේ සංකේත අංක වේ.
- චෙක්පතක් counter එකට දී මුදල් කර ගැනීමේදී චෙක්පත පිටුපස මුදල් ලබාගන්නා පුද්ගලයාගේ නම , ලිපිනය සහ හැදුනුම්පත් අංකය සටහන් කර අත්සන් දෙකක් යෙදිය යුතුවෙනවා.
- එලෙස මුදල් ලබාගන්නනන් අනිවාර්යයෙන්ම චෙක්පත අදාල පුද්ගලයාගේ නමට හෝ මුදල් / cash ලෙස සදහන් චෙක්පතක් වීම අනිවාර්‍යයි.එමෙන්ම එය රේඛනය නොකරන ලද චෙක්පතක් වීමද අත්‍යාවශ්‍ය වේ.
** චෙක්පත් රේඛනය ඉතාම වැදගත් ව්‍යාපාරික ගණුදෙනු වලදි,ඒවගේම චෙක්පතක ආරක්ෂාව අතිනුත් මෙම රේඛනය කියන දේ ඉතාම වටිනවා.මේ විදියට රෙඛනය කරන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.
දිහාර ද සිල්වා

Comments
Post a Comment