Skip to main content

සබකෝලය



ඉස්කෝලේ යන කාලෙට හිතෙන්නේ ඒක මොන කරුමයක්ද කියලා..? උදේම නැගිටලා, ගුරුවරු කියන විදියට වැඩ කරන එක, ඒ මදිවට ටියුෂන් ක්ලාස්...

විභාග ලංවෙන කොට මොලේ කොලොප්පම් වෙනවා, ඇතුලේ හිරවෙච්ච ටික ආපහු එලියට අරගෙන ලියන්න ගියාම. ඇයි දෙයි හාමුදුරුවනේ වාරයක් උගන්නපුවා පැයෙන් දෙකෙන් ලියන එක එහෙම බලනකොට අපි මාරම වැඩ්ඩො. ඔය ඔක්කොමත් කොහොම හරි කරයි කියමුකෝ....,

මතකද ඉස් ඉස්සරෝම පන්තියේ උන් ටික ඉස්සරහාට ගිහින් කතාවක් කවියක් කියපු එක..? එහෙම නැත්නම් සිංහල සමිතියේ හරි බෞද්ධ සමිතියේ හරි වෙන මොහොක හරි ස්ටේජ් එකට නැගලා කතාවක් පවත්වපු දිනය..? කකුල් ගැහෙන්න අරන්, තොල කට වේලිලා හීනියට මුත්‍රා බරක් හැදුනු හැටි...?

ඒක ස්වාභාවිකයි මිත්‍රවරුණි, ඉස් ඉස්සෙල්ලා ඔහොම වෙනවා අපිට දැනෙන ස්ට්‍රෙස් එකත් එක්ක. කොහොම හරි ස්ටේජ් එකට නැගලා හරි ඉස්සරහට ගිහින් හරි වචනයක් දෙකක් තටම ගත්තාම වැඩේ ගොඩ. 

හැබැයි සමහරු ඉන්නවා එහෙම එන චාන්ස් එක මග හරින උන්. උන්දලා කරන්නේ වැඩේ කල් දාන එක. ඊළඟ පාර මම කියලා. එතකොට කොහොමද සනීපේ..? යන්තම් බේරුනා කියලා හිතුවාට ඒක තාවකාලික සැනසීමක්. ටික වෙලාවකින් පටන් ගන්නවා සංසාරික දුක වගේ සිද්ධියක්. කල් දාපු දිනය එනකන් ඉන්න ඕනේ පිච්චි පිච්චි. එදාට හරි කමක් නැහැ වැඩේ ගොඩ දෑ ගත්තොත් සනීපයි. ඒත් තව ටික දෙනෙක් ඉන්නවා එදාට ඇබ්සන්ට්. අන්න උන්ට නම් බඩුම තමයි. අර දුකේ ඇලි ගැලී විඳවන්න වෙන්නේ.

සමහර කතා ඩිරෙක්ට් කියන්න පුළුවන් උනාට සමහර කතාවන් නම් ආදරේ වගේ. එහෙන් මෙහෙන් පොඩි ලයින් එකක් දාලා ගත්තාම
රෝමාන්තික වැඩියි. ඉතින් අද කතාවත් අටුවා ටීකා එක්ක පටන් ගත්තේ සමහර කරුම උනත් හරියටම උරුම කරගන්න ඕන නිසාවට. එහෙම උරුම කරගත්තාම තමයි ඒක කරුමයක් කියල අඳුරගන්න ඇහැකි වෙන්නේ.

මෑතක කථිකාචාර්ය වරියක් හමුවෙන්න ගියපු වෙලාවක මම උන්නේ ඇයගේ ඇස් ඉස්සරහ. එක්තරා විෂයක් ගැන අපි අතරේ කතිකාවක් ගොඩ නැගෙන කොට එයාගේ මුණ නිකන් හරියට ලුස්මොෂන් හැදුනු පස්සක් වගේ වෙන්න ගත්තා. බඩ එලිය උනත් ගියාමයි සැනසීම. එයාත් හැඟීම් ගොඩක් එකපාර හිර කරගෙන වේදනා විඳින කොට දෙතොලට නිකන් අර්සස් වගේ. ගැහෙනවා, වෙව්ලනවා, හැබැයි හරිම හීනියට. අතරමග ආ දුරකථන ඇමතුමට පින් සිද්ද වෙන්න එයා ගියා නොපෙනීම.

“..ඔය මිස් ඔහොම තමයි මහත්තයා... ගොඩක් වෙලාවට මග හැරලා යනවා...”

අහල උන්නු ඇගේ හිතවතියක් එහෙම කිවුවේ.

ඉතින් ඔයාටත් කා එක්ක හරි ඇස් දිහා බලන් කතා කරනකොට තොල් වෙව්ලනවද..? එහෙම නම් ඉතින් සිස්ටම් එරර් එකත් වෙන්නත් පුළුවන්.

පහුගිය දාක මගෙත් එක්ක වැඩ කරපු සහෝදරිය කිවුවා කතාවක්.

"අයියේ, පෙරේදා උදේ රුම් එකේ ඉන්නකොට කොල්ලෙක් ආවා.. දොර රෙද්ද පොඩ්ඩක් එහාට කරලා යන්තම් බලලා ආයේ ගියා.. කට්ටිය යන එන නිසා මම ගණන් ගත්තේ නැහැ.. ටික වෙලාවකින් ආයේ ඒ සීන් එකමයි.. ඒ පාර මම බැලුවාම ඈතට ගියා.. මට හිතුනේ සයිකොටික් එකෙක් වෙන්න ඇති කියලා.. ටික වෙලාවකින් මට දැනුනා කවුරු හරි දොරගාව ඉන්නවා වගේ.. මම එක පාරටම දොර රෙද්ද එහාට කරලා බැලුවා.. අර පිරිමි ළමයා.. ඔයාව හම්බවෙන්නලු අයියේ ආවේ.. මම කිව්වා අද එන්න කියලා..”

මොහොතකින් ආපු ඒ තරුණ ගැටයා හිටියේ බිම බලාගෙන. මන් ඉතින් අවස්තාව උදා කරලා දුන්නා කතාව පටන් ගන්න.

“සර්, ඉස්කෝලේ යන කාලේ ඉඳලම මට ඉස්සරහට යන්න බැහැ.. මහා
අමුතු ලැජ්ජාවක් දැනෙනවා... මම ඉතින් සමිති එහෙම තියෙන දවස්වලට එක්කෝ යන්නේ නෑ.. එක්කෝ ඉන්ටර්වල් එකේදී පනිනවා.. ඒ ලැජ්ජ ගතිය එන්න එන්නම වැඩි උනා.. මට සෙට් උනේ සේල්ස් රෙෆ් රස්සාවක්.. කඩවලට ගිහින් කතා කරන්න තියෙනවා කියල දැනගත්ත ගමන්ම හින් දාඩිය දාන්න ගත්තා.. සහතික එහෙම්ම තියලා මම ගෙදර ආවා.. මම ඒ ලේවලුත් පාස් සර්.. දැන් පොඩි ඉඩම් කෑල්ලක තේ වවනවා.. ඒ කට්ටියගෙන් අයින් වෙලා ඉන්න ඕන නිසා.. ගෙදරින් හෙන කචල් මේකට.. රස්සාවකට යන්නේ නැද්ද? කසාදයක් බඳින්නේ නැද්ද කියලා? දැන් උනත් අර මිස් එලියට ගිය නිසා තමයි මෙහෙම කතා කරගන්න පුළුවන් උනේ.....”

ඉතින් මිත්‍රවරුනි ඔබත් ඒ වගේද...? ආස හිතෙනවද තේ කෑල්ලක වැඩ
කරන්න..? එතකොට අවුල ලිහෙනවද..?

මැදිවියට ආසන්න පට්ට ලස්සන කන්‍යාවියක් කිවුවේ මෙහෙම..,

“මට මැරෙන්න ඕනේ.. මෙහෙම බයෙන් ජිවත් වෙනවට වඩා ඒක
හොඳයි...... ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්... එයා දැන් ගෙදර එන්න පටන් අරගෙන... ඉස්සෙල්ලම ආව දවසේ අම්මලා එක්ක කතා කරලා මගේ ගාවට එනකොට මට දුවන්න හිතුනා... මං කවදාවත් කොල්ලෙක් එක්ක එහෙම තනි පංගලමේ කතා කරලා නැහැ.. ඇත්තටම මම ආසා උනාට මට ඒකටහයියක් නැහැ.. මොකක්දෝ මන්දා බයක් එන්නේ හිතට.. අම්මා එයාට කියනවා ඇහුනා ගිහින් කතා කරලා දැන අඳුර ගන්න කියලා.. එයා ටික ටික ලංවෙන්න හදන කොට මම ටික ටික දුරට යනවා... මේ ලඟදි ඇහුවා මගෙන් ‘ඔයාට මොකක් හරි අවුලක්ද බබා’ කියලා.. මං කොහොමද මේ අවුල එයාට කියන්නේ...?”

ඉතින් කවුරු හරි ලඟට එනකොට ඒ තරමටම අපහසුවක් දැනෙනවද..? 

කාටහරි හිනා යන්න පුළුවන් ඒ කතාව ඇහුවාම. මතක තියාගන්න, 'සබ්බේ පෘතග්ජනා උන්මත්තකා' කියලා. ඔබේ සිස්ටම් එකෙත් අවුල් ඇති ඕනෙ තරම්. ඒ නිසා හිනා වෙනවා නම් ඉස්සරහට තමන්ටත් හිනාවෙන්න ලැහැස්ති වෙලාම හිනාවෙන්න.

මිත්‍රවරුණි, අපි හැමෝටම ලැජ්ජාව බය වගේම කම්පනය ඇතිවෙන එක හරිම සාමාන්‍යයි. හැබැයි ඔය සියකින් දෙසීයකින් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒ සාමාන්‍යය අසාමාන්‍ය විදියට බලපාන අය. තේරෙන බාසාවෙන් කිවුවොත් මෙන්න මේ කියන දේවල් වලින් එකක් හෝ කිහිපයක් ඔබටත් තියෙනවාද කියලා බලන්න.

සෙනඟක් ඉස්සරහාට යන්න තියෙන සබකෝලය, එහෙම නැත්නම් බය වගේ දෙයක්. එතකොට එහෙම කණ්ඩායමක් දකින කොට “අද නම් බඩු හරි. මුන් මට මොකක් හරි වැඩක් සෙට් කරයි” කියලා සිතිවිල්ලක් එන අය. ඒ එක්කම ඒ ඉන්න කණ්ඩායමේ අය කුටු කුටු ගාන්නේ තමන් ගැන කියලා හිතෙන අය. එහෙම හිතෙනකොට ඒ අයව මග හැරලා ෂෝට් කට් එක දුර උනත් ඒ ෂෝට් කට් එකෙන් එයාලව මග ඇරලා යන අය. කොහොමින් හරි එහෙම තැනකට සෙට් උනොත් දාඩිය දාලා. ඇඟ පත වෙව්ලලා තොලකට වේලෙන අය, ඒ එක්කම පපුව ඩිග් ඩිග් ගගා සද්දෙටම ගැහෙන අය....

එහෙම නම් මේ නුඹලා ගැනම තමයි මිත්‍රවරුණි. ඒක ඉස්කෝලේ කාලේ ආව එකක්ද ඊයේ පෙරේදා ආව එකක්ද කියන එක නෙමෙයි ගැටලුව. ඇත්තටම එහෙම එකක් ඇතිවුනේ කොහොමද කියන එකත් නෙමෙයි ප්‍රශ්නය. ඒක අවුලක්ද කියන එකයි උභතෝකෝටික ගැටලුව විය යුත්තේ සහ ඒකට මොකක්ද කරන්න ඕනේ කියන එකයි සෙවිය යුත්තේ. මතක
තියාගන්න මග හරින්න මග හරින්න වැඩේ තව දරුණු වෙනවා කියන එක. සමහර අවුල් වලට බෙහෙත් ඕනෙම නැහැ. වෙන පිළියම් තියෙනවා ගොඩ යන්න.

එහෙම අවුලක් තියේ නම් හෙමිට කියන්න.... කට්ටිය හිනා උනාට “සබ්බේ පෘතග්ජනා උන්මත්තකා...."

| අමිල අදිකාරම්

Comments

Popular posts from this blog

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් කියන්නේ දැන් අපිට උණ හෙම්බිරිස්සාව තරමටම සමීප ලෙඩ රෝග වලින් එකක්. කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතු වෙන්නේ මොන තත්ත්වයන්ද කියන එක වගේම කොලෙස්ටරෝල් අවදානමට ලක් වුණු කෙනෙක් ලඟින් දිස් වෙන රෝග ලක්ෂණ මොනවද කියන එක ගැනත් කලින් ලිපියකින් ඔයාව දැනුවත් කර නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න තියෙන හොඳම ආහාර මොනවද කියන එක ගැන තමයි මේ කියන්නේ. දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ. 1. ග්‍රීන් ටී ග්‍රීන් ටී ධමනි පිරිසිදුව හා සෞඛ්‍යසම්පන්නව තබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා වගේම හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම එහි ප්‍රතිඔක්සිකාරකත් අඩංගු වෙනවා. කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැළඳීමේ අවධානම ග්‍රීන් ටී මඟින් අවම කරනවා. ග්‍රීන් ටී වල අඩංගු රසායනිකයන් රුධිර නාල වල නිසි ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්. කොලෙස්ටරෝල් අවදානමට දැනටමත් ලක් වුණු කෙනෙක් දිනපතා ග්‍රීන් ටී කෝප්ප 2-3 ක් පානය කිරීම වරදක් නැහැ. 2. නිවිති නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වගේම බොහොමයක් ලෙඩ ...

තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නෙ කොහොමද ?

ඔයාලගෙන් කවුරුහරි කෙනෙක් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ විස්තර ටික වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මටත් මේ විස්තර දැනගන්න ලොකු අවශ්යතාවයක් පහුගිය ටිකේ තිබුණ නිසා සහ, සාමාන්‍යෙන් හරියටම මේ තොරතුරු දැනගන්න ටිකක් අමාරු නිසා. මම මේ සඳහන් කරන්නෙ මගෙ අත්දැකීමට අනුව විස්තර ටික. ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය Application ටික හොයාගන්න ඕනෙ. ඔයා ඉන්නෙ බස්නාහිර පළාතෙ නම්, පහල තියන link එකෙන් Download කරගන්න පුළුවන්. එහෙම නැත්තන්, ඔයාට ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් මේ Application එක ගන්නත් පුළුවන්. ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයෙන් ගන්න Application එක එක්කම, මේ වැඩේට අවශ්‍ය ලියකියවිලි සහ තව විස්තර ඇතුළත් පත්‍රිකාවකුත් දෙනවා. ඒක වෙබ්සයිට් එකේ නම් ගන්න තියෙනවා දැක්කෙ නෑ. අපි ලියාපදි‍ංචි කරන්න යන ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි විසින් ඉදිරිපත් කරන්න ඕනෙ ලියකියවිලි වෙනස් වෙනවා. මේ ගැන දෙන විස්තර පත්‍රිකාව මම පළවෙනි comment එකේ දාන්නම්. හැබැයි සාමාන්‍ය ව්යාපාරයකට නම් අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ ටික. 1) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය. (මේක නම් ඔයාටම ...

පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන්...

පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්‌ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක්‌ වන බැවින් අක්‌මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්‌මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්‍රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්‌මාව තුල වියෝජනයට ලක්‌වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස්‌ මගින් අක්‌මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක්‌ වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්‌ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක්‌ ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන්...