කෑම කියන්නේ මුලින්ම මිනිස් අවශ්‍යතාවක්. නොමැරී ජීවත් වෙන්න කෑම ඕන කියලා තේරුම් ගත්ත මානවයා පසුකාලීනව ඒ කෑම රස කරගන්න විවිධ ක්‍රම හොයාගත්තා. එතනින් එහාට අද වෙනකොට කෑම කියන්නේ කලාවක්. දිවේ රසාංකුර වලින් විතරක් නෙවෙයි පංචේන්ද්‍රියෙන්ම විඳින මේ කෑම, අද ලෝකයේ සාර්ථකම වෙළෙඳාම් වලින් එකක්.
නිල් පාට බෝලේ උඩ ජීවත් වන විවිධ සංස්කෘතීන්ට අයත් මිනිස්සු කැමති රසයන් වෙනස් වගේම විවිධ මිනිස්සු ආහාර ගන්න රටාවන් වෙනස්. මේ වෙනස්කම් වලට හේතුව ඒ ඒ අය ගැන ගොඩක් රහස් හෙළිකරන බව ඔයා දැනගෙන හිටියද?
බහුතරයක් යුරෝපීය රටවලට වඩා ආසියාතික රටවල ජීවත් වෙන අය අතර spicy food හරිම ජනප්‍රියයි. ඒ අතරිනුත් සමහර අය සැර රසයට අසාමාන්‍ය කැමැත්තක් පෙන්නුම් කරනවා. මේ වගේ අය ගැන විශ්ලේෂණ වල සඳහන් වෙන්නේ ටිකක් විතර භයානක පිරිසක් විදිහටයි. ඒකට හේතුව ඉක්මන් කේන්තිකාරයෝ වීම සහ ආවේගශීලීව තීරණ ගැනීම. නමුත් උදව් ඕන තැන් වලදි පැකිළෙන්නේ නැති, ඒ වගේම කෙලින් තීරණ වල එල්බ ඉන්න මේ අය සාපේක්ෂව විවෘත බවයි කියවෙන්නේ.
ඇඹුල් රස සමහර අය තදින් ප්‍රතික්ෂේප කරද්දී, තවත් පිරිසක් හරිම ආසාවෙන් වැළඳගන්න එක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක්. ඔයත් ඇඹුල් රසයට ප්‍රිය කෙනෙක් නම් ඒකෙන් කියවෙන්නේ ඔයා පුංචි දේවල් වලින් සතුටු කරන්න පුළුවන්, හරිම ආස හිතෙන විදිහේ චරිතයක් කියලයි. අහිංසක ගතිගුණ පෙන්නුම් කරන, සමාජ ආශ්‍රයෙන් වෙන්වෙලා තනියම ඉන්න කැමති අය ඇඹුල් රසයට වැඩි ප්‍රියතාවයක් දක්වන බව තමයි විශ්ලේෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ.
තිත්ත රසයට කැමති අය හොයාගන්න ටිකක් අමාරු වුණත් කලාතුරකින් එහෙම අයත් අපිට හම්බෙනවා. තමන්ගේ නිදහස ප්‍රිය කරන මේ අය අලුත් සුහදකම් ඇතිකරගන්න පසුබට වෙන විදිහේ පිරිසක්. ඒකට හේතුව වෙන්නේ මේ අය ඕනම දෙයක් දිහා මුල්වරට ඍණාත්මක අදහසකින් බැලීමයි. වැඩක් පටන් ගන්න යනකොට ඕක හරියන්නෑ කියලා අනාවැකි කියන රාහුගේ සහෝදරයෝ තිත්ත රසයට ප්‍රිය වීමේ ප්‍රවණතාවය වැඩි බව විශ්ලේෂකයන් සඳහන් කරනවා.
ලුණු කියන්නේ ශරීරයට වැඩිත් නැතිව අඩුත් නැතිව ලැබෙන්න ඕන දෙයක්නේ. හැබැයි අසාමාන්‍ය විදිහට ලුණු පාවිච්චි කරන, ලුණු රසයට කැමති අයත් අපිට කලාතුරකින් දකින්න හම්බෙනවා. මේ වගේ අය ගැන සඳහන් වෙන්නේ පැත්ත ගියත් ඇත්ත කියන පිරිසක් විදිහට. පසුබට වෙන්නේ නැතිව තමන්ගේ අදහස් සහ විරුද්ධ මත ලෝකයත් එක්ක බෙදාගන්නේ මේ අය තමයි.
ඔයත් හදිස්සියක් නැතිව හිමින් කෑම ගන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් හැම මොහොතක්ම විඳින්න කැමති කෙනෙක්. අතීතයේ වත් අනාගතයේ වත් එල්බ ඉන්නේ නැතිව වර්තමානය විඳින කෙනෙක්ගේ ආහාර රටාව කලබලයක් නැති හරිම සුවපහසු එකක්. මේ වගේ අය ඕනම වැඩක් ඉක්මනින් ඉවර කරනවාට වඩා නිවැරදිව ඉවර කරන්නයි පුරුදු වෙලා ඉන්නේ. මේ අයත් එක්ක ආදර සම්බන්ධතා හරිම රසවත් වෙන්නේ එයාලා ජීව ගුණයෙන් පිරිපුන් අය නිසා. කොහොම නමුත් සුපුරුදු රටා වලින් වෙනස් වෙන්න ඒතරම් කැමති නැති මේ අය, ටිකක් මුරණ්ඩු ගතිගුණත් පෙන්නුම් කරන බව විශ්ලේෂකයන් සඳහන් කරනවා.
වේගයෙන් කෑම ගැනීම ආහාර ජීර්ණයට ඒතරම් හොඳ නැති වුණත්, හපන්නවත් වෙලාවක් නොගෙන ඉක්මනින් ආහාර ගිල දාන අය ඕනතරම් අපිට හමුවෙනවා. වැඩ කිහිපයක් එකවර කිරීමේ හැකියාව නිසාම මේ වගේ අය සාමාන්‍යයෙන් කාර්යාලයක වුණත් හරිම ජනප්‍රියයි. තරඟකාරී පෞරුෂයක් පෙන්නුම් කරන මේ අයගේ මොළය හැමවෙලාවෙම අනාගත සැලසුම් ගැන අවධානයෙන් ඉන්න බවයි සඳහන් වෙන්නේ. ආදර සබඳතා වලදි තමන්ට වඩා අනිත් කෙනාගේ අවශ්‍යතා වලට මුල්තැන දෙන්නත් මේ අය අමතක කරන්නේ නැහැ.
බෙදාහදාගෙන කෑම ගන්න එක කොයිතරම් හොඳ පුරුද්දක් වුණත් සමහර අය ඉන්නවා වෙනත් කෙනෙක් තමන්ගේ කෑම එකට අත තියනවාටවත් කැමති නැති. මේ වගේ අය සාමාන්‍යයෙන් හරිම සැළසුම් සහගතව වැඩ කරන, ගොඩක් පිරිසිඳුව ඉන්න ප්‍රිය කරන පිරිසක්. කවුරුහරි අපිළිවලට වැඩ කරනවා බලන් ඉන්න බැරි නිසාම, කණ්ඩායම් වැඩ වලදී මේ අය මුල් තැන අරගන්න කැමතියි. ආදර සබඳතා වලදීත් වැඩිපුර වගකීම් අරගන්න එක මෙයාලගේ පුරුද්දක්. Clean freak කෙනෙක් විදිහට ව්‍යවහාරයේ එන මේ අය, නිතරම ආතතියෙන් ඉන්න එක නම් සෞඛ්‍යයට ඒතරම් හොඳ නැති බවයි විශ්ලේෂකයන්ගේ අදහස.
අලුත් කෑම වර්ග අත්හදා බලන එක, අත්දැකීම් හොයාගෙන යන්න ආස කෙනෙක්ගේ ගතිගුණයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදිහට සුශී, කෝමාරිකා වගේ කෑම වර්ග අත්හදා බලන්න කැමති කෙනෙක් එක්ක ගතකරන ජීවිතේ ටිකක්වත් බෝරින් වෙන්නෙ නම් නැහැ - එයා ඔයාටත් බලෙන්ම ඒවා කවන්න හදන දවස වෙනකල්. මේ අයගේ වික්‍රමාන්විත ජීවන රටාව නිසා යාළුවන්ගෙන් නම් අඩුවක් නැහැ. ඉතින් ආදර සබඳතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
කෑම වර්ග කිහිපයක් එකට අනලා කනවා කියන එක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි. මේ අතර සමහර අය ඉන්නවා කෑම අනන්නේ නැතිව වෙන වෙනම ගන්න කැමති. මේ වගේ අය තීරණ ගැනීමේදී කල්පනාකාරීව වැඩ කරන, දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න පිරිසක් විදිහටයි ජනප්‍රිය. තමන්ගේ අදහස් වල එල්බ ඉන්න, ඒ තරම් නම්‍යශීලී නැති චරිත වෙන මේ අය එක්ක පුද්ගල සබඳතා පවත්වාගෙන යන්න නම් සෑහෙන ඉවසීමක් ඕන කරනවා.
ගොඩක් වෙලාවට පුද්ගලයෙක් තුළ මේ ගතිගුණ වලින් එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යාන දත්ත වලට අනුව ඉදිරිපත් කරලා තියන මේ තොරතුරු වලින් අපගාමී වෙන චරිතත් ඕනතරම් ඉන්න පුළුවන්. කොහොම නමුත් මිනිස් සිරුරේ රස තෝරාගැනීම සහ පෞරුෂත්ව ලක්ෂණ පාලනය කිරීම කියන කාර්යයන් දෙකම කරන්නේ මොළයේ එකම කොටසකින් (limbic lobe) බවයි පර්යේෂණ වලින් නම් ඔප්පු වෙලා තියෙන්නේ. ඉතින් මේ පර්යේෂණ වාර්තා වල ඔයාලාගේ ආහාර රටා ගැන කියලා තියන විස්තර ඇත්තටම ගැලපෙනවද කියලා දැන් ඔයාලටම බලාගන්න පුළුවන්.
| නිම්තරා ♥️

Comments
Post a Comment